සති දෙකකට පස්සෙ බ්ලොග් එකට අත තිබ්බෙ.කතා නම් ලියන්න බර තොගයක් තිබුනත්
තාම මම ලියන්නෙ ජීවිතේ සුන්දරයි කියලා ඕනම කෙනෙක්ට එක පාර මතක් වෙන කාලයක වුන
සිදුවීම්.මේවා මේ විදියටම වුනාද වෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්.ඒත් මේ ලියන
හැම සිදුවීමක්ම ඇත්තටම වුනා.අහන්න නම් එපා අඳුනන හැමෝම මෙහෙමද කියලා.කොච්චරක් නම් මිනිස්සු හම්බ වෙනවද මේ ජීවිතේ රස්තියාදු ගහන ටික කාලෙට.ඉතිං කථාව.
පස්සෙ කාලෙක මට හොඳට අහලා පුරුදු වුන කියමනක් තමයි හොඳ පළතුරු කන්නෙම පනුවො
කියලා.මංදන්නෙ නෑ ඇත්තද කියලා. මේකෙ තේරුම මොකක්ද කියලා හැමෝම දන්නවනේ. ඒ කියන්නෙ
ලස්සන කෙල්ලො හම්බ වෙන්නෙම කැත කොල්ලන්ට කියන එකනෙ. කෙනෙක් ලස්සනද කැතද කියලා වෙන්
කරන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.මට හිතෙන්නෙ ඒක සාපේක්ෂයි කියලා.හැබැයි
කෙනෙක් කියන වචනයක් තව කෙනෙක්ගෙ හිතට මොන තරම් බලපෑමක් කරනවද කියලා නම් අපිට හිතන්න
වෙනවා.
පුංචි ළමයෙක් වෙලා ඉඳලා රටේ ලෝකෙ ගැන දැන ගන්න පටන් ගන්න කාලෙම හිතට එන
ආදරේ කියන දේ පණුවටත් සමණලයත් එකයි.හිත පුරෝලා කාට හරි ආදරේ කරද්දි දැනෙන අහිංසක
සතුට වගේම මොනවා හරි හේතුවකින් තමන් විඳින ඒ ආදරේ නැතුව යයි කියලා බයවෙන්නෙත්
තමන්ට තියන ලොකුම සතුට මේ ආදරේ තමයි කියලා හිතන්නෙත් තැලිලා පොඩි වෙලා නැති හිතක්
ලෝකෙ මොන වගේද කියලා තේරුම් ගන්න තරම් අහිංසක වැඩි හින්දා.මේ හැබැයි දැන් මට හිතෙන
හැටි.හැබැයි ජීවිතේ එක කාලෙක හුඟ දෙනෙක්ගෙ හිතට එන ආදරේ බොළඳයි කියලා නම් මම
දන්නවා. ආදරේ කරන්නෙ ඇයි නොකරන්නෙ ඇයි කියලා හේතු හදා ගන්නෙත් අමුතුම විදියකට
හින්දා මේ කථාවෙ හරි වැරැද්ද මම කියන්නවත් හොයන්නවත් යන්නෙ නෑ.
රුවන්........මමත් එක්ක හය වසරෙ ඉඳන්ම එකට හිටි යාළුවෙක්.කොච්චර හිතුවත්
හදා ගන්න බැරි වැරැද්දක් මිනිහට තිබුනා.ඒ ඇඟිලි උරන එක.ඒ හින්දම මුළු ඉස්කෝලෙ
පුරාම රුවන්ව දැනගෙන හිටියෙ සූප්පුවා කියලා.
හැම වෙලේම පිත්තක් අරගෙන සෙල්ලම් කරන්නම ලෑස්ති වෙලා හිටිය හින්දා කවදාවත්
රුවන්ගෙ ඇඳුමක් සුදු පාටින් තිබුන බවක් නම් මට මතක නෑ.එහෙව් රුවන් ඇඟිල්ල කටේ
දාගෙන පොඩි එකා වගේ ඉන්න ගමන්ම කෙල්ලෙකුට ආදරේ කරන්න පටන් ගත්තා.කරුමෙ කියන්නෙ
මිනිහගෙ හිත ගියෙ ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ගෙ දුවෙක්ට.ටීචර්ලාගෙ දුවලා ඉතින් කොහොමත්
ඉස්කෝලෙදි ඉන්නෙ අඩි ගානක් උඩින්නෙ.මොනා වුනත් සංසාරෙ කරුම කරලා පල දෙන්න තියනවා
නම් වලක්වන්න බෑ වගේ රුවන්ගෙ ඒක පුද්ගල ප්‍රේමය ටිකෙන් ටික දළු දාලා වැඩෙන්න
ගත්තා.
මේ ආදරේ හිමි කෙල්ල තුෂාරි රුවන්ගෙ මේ ආදරේට පොඩ්ඩක්වත් කැමති වුනේ
නෑ.කොටින්ම තුෂාරි අම්මට කියලා කී සැරයක් රුවන් ගුටි කෑවද කියලා රුවන්ටවත් මතක
නැතුව ඇති.හංගන්නෙ මොකටද?මේ ආදර කථාවට උඩගෙඩි දෙන්න ගිහින් මාත් කීප සැරයම හොඳට සලකා ගත්තා.
කෙළ නාගෙන,මඩ නාගෙන හිටිය මනුස්සයා එක පාරටම සෙල්ලම නවත්තලා පාඩම් වැඩ වලට බැස්සෙ මේ
සිද්ධියෙන් පස්සෙ. කොටින්ම ළඟම ඉඳන් අවුරුදු ගානක් ඇඟ පුරාම කෙළ ගාගෙන හරි ආශ්‍රය
කරපු එකා කෙල්ලෙක් එක්ක යාළු වෙලා හරි මනුස්සයෙක් වෙනවට අපි කැමති වුනා.ඒ හින්දම
එක දවසක් මම තුෂාරි එක්ක මේ ගැන කථා කළා.මතක විදියට 10 වසරෙ මුල.
"ඇයි ඔයා රුවන්ට කැමති නැත්තෙ"
"ඒක කියන්න බෑ."තුෂාරි මේ ගැන කථා කලේ ඒ තරම් කැමැත්තකින් නම්
නෙවෙයි.
"ඒ වුනාට අඩු ගානෙ ඔයා හේතුවක් හරි කියනව නම් එයා අත ඇරලා හරි දායි
නෙ"මම කොහොම හරි උත්සාහ කලේ හේතුවක් දැන ගන්න.
"මම කවදා හරි බඳිනවනම් බඳින්නෙ කාරෙකක් තියන තට්ටු දෙකක ගෙයක් තියන
කෙනෙක්ව.රුවන්ට කවදාවත් එහෙම වෙන්න බෑ.ඒකයි කැමති නැත්තෙ."
ඇත්තටම රුවන්ට ඔය සුදුසුකම් දෙකම තිබුනා.ඒත් ඒවා කියලා කෙල්ලගෙ හිත දිනා ගන්න
මිනිහා කැමති වුනේ නෑ.ඒ වෙනුවට රුවන් වෙන දෙයක් කළා.සෙල්ලම අත ඇරලා කොටින්ම ඇඟිලි
උරන එකත් නවත්වලා ඉගන ගන්න ගත්තා.මිනිහා පාඩම් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. එහෙම
කරන ගමන් තමන්ගෙ ආදරේ ආයෙ ආයෙත් තුෂාරිට මතක් කලා.
ඔහොම ගිහින් අන්තිමේ එක දවසක තුෂාරි රුවන්ට ආදරෙයි කිව්වා.
මිනිහෙක්ගෙ ජීවිතේ අනිත් පැත්ත හරවන්න ආදරේ කරන කෙල්ලෙක්ගෙ වචනෙකට මොන තරම්
හැකියාවක් තියනවද කියලා අපිට තේරුම් යන්න පටන් ගත්තෙ මේ කාලෙ.
ඒත් වාර කීපයක් තරඟෙට වගේ පාඩම් කරපු රුවන් ආයෙත් හිටි හැටියෙම පරණ තත්වෙට
වැටෙන්න ගත්තා.වචන දහයක් කථා කලොත් නවයක්ම තුෂාරි ගැන කථා කරපු රුවන් තුෂාරි ගැන
වචනයක්වත් කථා නොකරන ගාණට ආවා.ඒත් හිත මොකක් හරි ලොකු දුකකින් පුරවගෙන ඉන්නවා
කියලා නම් අපිට තේරුනා.ඒ දුක මොකක්ද කියලා අපි දැන ගත්තෙ රුවන් නිදි පෙති බීලා
ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියලා දැන ගත්තටත් පස්සෙ.
මාස ගාණක් ආදරේ කළාට පස්සෙ ආයෙත් තුෂාරිට රුවන්ව එපා වෙලා.
"ඔයා දන්නවනෙ රුවන් තුෂාරි ගැන.අමුතු විදියටනෙ හිතන්නෙ.මමනම් එහෙම කියන්නෙ
නෑ.ඒත් තුෂාරි කියනවා ඔයා කැතැයිලු.ඒකයි ඔයාට කැමති නැත්තෙ"තමන්ගෙ යාළුවන්ගෙ
පෙම්වතුන් එක්ක බලද්දි රුවන් කැත කොල්ලෙක් විදියටයි තුෂාරි දැකලා තිබුනෙ.අපිට මේ
කැත ලස්සන ගැන කවදාවත් කල්පනා වෙලා නොතිබුනත් තුෂාරි හුඟක් ඒ ගැන හිතලා.
මේ සිද්ධියෙන් යාන්තම් පණ බේරගෙන මහ ඉස්පිරිතාලෙ ඇඳක වැටිලා ඉන්නකොට අපි
රුවන්ව බලන්න ගියා.එදා රුවන් දිගටම අපෙන් ඇහුවෙ එක දෙයයි.
"මචං මං කැත වෙන්න පුලුවන්.ඒත් මං අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ආදරෙත්
කැතද මචං?"
ඔය වගේ කෙල්ලන්ට ලස්සන කොල්ලෙක් හම්බෙයි බන් ඒත් සැබෑ ආදරයක් බලාපොරොත්තු වෙන්න බැහැ කාගෙන්වත්.
ReplyDeleteඇත්ත අපි හිතනවට වඩා වෙනස්,ඒක මම ලිව්වෙ නැත්තෙ උවමනාවෙන්මයි.
Deleteමේවට ඉතින් දෙන්න උත්තර නෑ.. ලස්සන කියන්නේ හැමදේමද?
ReplyDeleteසමහරවිට,හැබැයි හැමදාටම වලංගු උත්තරයක් නෙවෙයි.
Deleteහැමෝම එක වගේ නෑනේ එකම උදාහරණය අතේ ඇගිලි පහම එකවගේ නෑනේ එකකට එකක් වෙනස් ගැහැණු අයත් එහෙමයි පිරිමි අයත් එහෙමයි..නෑ කියන්න බෑ කාටවත්
ReplyDeleteසමහරු සල්ලි පස්සෙ දුවනවා... සමහරු ලස්සන පස්සෙ දුවනවා...සමහරු ආදරේ පස්සෙ දුවනවා...දුවල දුවල හති වැටුනම් ජීවිතේ තියෙනකම් ආදරේට බැන වදිනවා..
කැත කමින් පිරිණු කුහක මිනිස්සු..ජීවිතේ තියෙන්නෙ ලස්සනේවත් සල්ලිවලවත් නෙමෙයි හදවතේ හදවතේ සතුටයි ජීවිතේ කියන්නෙ.කසාද බදින්න කලින් තුෂාරි අතහැරපු එකත් හොදයි නැත්තම් බැන්දට පස්සෙ ඔයා කැතයි කියල හිතුනනම්..මෝඩකමට බෙහෙත් නෑනේ.මොනව වුනත් ගැහැණු පිරිමි දෙපාර්ෂවයම ආදරේ කියල තේරුම් අරන් තියෙන්නෙ වෙන දෙයක් ඒකයි දුක
ඕනම කෙනෙක්ට සමහර විට බැන්දට පස්සෙ තීරණේ වැරදියි කියලා හිතෙන්න පුලුවන්.කෙනෙක්ගෙ හිත තව කෙනෙක්ට යන්නෙ ලස්සන හරි ගති ගුණ හරි වෙන දෙයක් නිසා වෙන්න පුළුවන්.මම කථා කරන්නෙ අවුරුදු 16 වයස ගැන නිසා මේක මෝඩකමක්ද නැද්ද කියලා මට කියන්න බෑ.ඒත් තුෂාරි ඔය කියන තරම් ලස්සන නැතත් ලස්සන කොල්ලෙක් බැඳලා හොඳින් ඉන්නවා.රුවන්ගැන මම අයෙ දවසක කථාවක් ලියන්නම්.
Deleteattatama oya wage adahas tiyena kenekwa badinawata wada hodai nikan inna eka.oya wage kellek nisa marenna giya ekanam moda wadak.
ReplyDeleteඅනන්තයට ඇවිත් ඉන්නවා දැක්කෙ අදමයි.ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවා
Deleteලස්සන තියෙන්න ඕන හිතේ. පුදුමයි මෙහෙම කෙල්ලෝ ඉන්න එකත්. මම දන්න විදියටනම් වැඩිපුරම ලස්සන හොයන්නේ කොල්ලෝ.
ReplyDeleteමාත් හිතන්නේ එහෙමයි..කෙල්ලොත් ලස්සන හොයනවා.ඒත් මමත් දන්න තරමින් කොල්ලෝ තමා වැඩිපුර ලස්සන හොයන්නේ.
Deleteසයුරිට දාපු උත්තරේ වැටිලා නෑ.ඒ පාර ප්‍රමුදිත් ඒකම කියනවා.නෑ ඇත්තටම එහෙම ඉන්නවා.ඇත්තම කිව්වෙත් අවුරුදු16 ,17 කාලෙ අපි ජීවිතේ දිහා බලන විදිහ පහු වෙනකොට හුඟක් වෙනස් වෙනවා.ඔයගොල්ලන්ට එහෙම හිතිලා නැද්ද?
Deleteමෙහෙමනේ වර්ණ. මම කිව්වේ ලස්සන හොයන කෙල්ලෝ නෑ කියලා නෙමෙයි :) ඉන්නවා, හැබැයි කොල්ලන්ට සාපේක්ෂව අඩුයි. ලස්සන මුලට තියාගෙන ඔය වගේ වැඩ වලට බහින්නේ බහුතරයක් කොල්ලෝ. අවු. 16 කාලේදී උනත් කෙල්ලෝ ගොඩක් වෙලාවට ලස්සන හොයනවා අඩුයි. (හැබැයි වෙන වෙන දේවල් හොයනවා වෙන්න පුළුවන් හිහි :). ඒ කාලෙදිත් මම ආශ්‍රය කරලා තියන කෙල්ලෝ ගොඩක් දෙනෙක් කැමති උනේ, හොඳට ඉගන ගන්න පුළුවන්, හොඳ පෞරුෂයක් තියන කෙනෙක්ට. ලස්සන තිබුනේ දෙවැනි තැන.
Deleteප්‍රමුදි කියලා තියෙන්නෙත් ඒකමයි මම හිතන්නේ
සයුරි හරි.
Deleteමාත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ එහෙම වෙනවා තමයි.
අපි ඉතින් තාම පොඩි ළමයිනේ නේද සයුරි? ;)
මෙහෙම කෙල්ලො කොච්චර ඉන්නවද?සයුරි මට තාම හම්බ වුනේ නෑනෙ ඇත්ත කියන කෙල්ලෙක්.කථාව ඇත්ත 18-20 කාලෙ හොයන්නෙ ලස්සන තමා.ඊට පස්සෙ එහෙම නෑ
ReplyDeletegodak istu...tiy ayya mawa ananthayata adarayen,sadarayen pili gattata....
ReplyDeleteමම මුලින් හිතුවෙ අරලිය කියන්නෙ දන්න කෙනෙක් කියලා.බ්ලොග් එකක් ලියන බවක් දැක්කෙත් නෑ.
Deleteබ්ලොග් හොයහොයා යනකොට" අනන්තයටත්" ගොඩවැදුනා මුලින්ම..,
ReplyDeleteඅපි එක කාලෙ බ්ලොග් වලට බැහැපු ඈයොනෙ බලන කොට..!
වර්ණගේ ලියන රටාවට මම කැමතියි..!
ඇත්තලෝකේ ඔයවගේ දේවල් ඇත්තටම වෙනව මචං,මටත් ඔයවගේ අත්දැකීම් තියෙනව.. !!
වී පොකුර ආවට සතුටුයි.ආයෙ එන්න
Deleteඅනේ දෙයියනේ :( :(
ReplyDeleteමේ මොකෝ ප්‍රමුදි
Deleteඅනේ මට දුක හිතුනා ගොඩක්.
Deleteඒ ගෑනු ළමයා හරි හොඳ නෑ.යාලු වෙන්න කලින් හිතන්න එපයි ඕවා.ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න වෙන්නේ නෑ නේ එහෙනම්.
දැන් ඒ අයියා මොකද කරන්නේ?
මේ සිද්දියට බලපෑවේ කෙල්ලෙක්ගේ දක්ෂකමක්ද??
ReplyDeleteකොල්ලෙක්ගේ අසරනකමක්ද??
හිතා ගන්න බෑ.
ReplyDeleteayyo.....mama blog ekak liyanna ayya.....
ReplyDelete