ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Tuesday, June 12, 2012

කාල යාත්‍රාව


ජීවිතේ හුඟක් වෙලාවට අපිට කියවෙන වචනයක් තමයි "අනේ එහෙම නොවුනනන්"කියන එක.අපිට වැරදුන තැන්,වරද්ද ගත්ත තැන් වගේම එක විශේෂ කාලයක ලබපු සුන්දර අත්දැකීම් දිගටම විඳින්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.ඒත් කාලය කියන දේ නවත්වන්න බෑනේ.අපිත් එක්ක ඉන්න අය හැමදාම ඉන්නෙත් නෑනෙ.

අපිට බැරිද මේ වෙලාව ගත වෙන එක නවත්වන්න.එහෙම නැතිනම් අපිට උවමනා අතීත කාලයට හරි ගිහින් ජීවත් වෙන්න.

හුඟ දෙනෙක් කැමති වෙයි.ඉස්කෝලෙ කාලෙ ගුටි කාපුවා හරි ගස්ස ගන්න,අපත ගහපු විභාග වලට පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් දාගන්න විතරක් නෙවෙයි අහලා බෑ කියපු කෙල්ලන්ගෙන් අහපුවා කැන්සල් කර ගන්නත් මම නම් හරිම කැමතියි.

ඒත් කොහොමද මේක කරන්නෙ.

කාලය හරහා ගමන් කිරීම කියන සංකල්පෙ ගැන මම මුලින්ම දැනගත්තෙ පුංචි කාලෙ විදුසර පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධයක් කියවලා.කාලයක් තිස්සෙ හිතේ වැලලිලා තිබිලා පස්සෙ කාලෙක පොත් පත්තර, බලපු චිත්‍රපට හරහා මේ ගැන හොයන ආසාව වැඩි වුනා.

උසස් පෙළට භෞතික විද්‍යාව කරපු අයනම් දන්නවා ඇති ඒකක හා මාන කියලා මුලින්ම උගන්වන පාඩම.අපි මාන ගැන කථා කලත් කාලය කියන මානය ගැන වැඩිය කථා කරන්නෙ නෑ.ඒ ඒක ටිකක් සංකීර්ණ වගේම සාපේක්ෂ දෙයක් නිසා.

සාපේක්ෂ........?

ඒ කිව්වෙ මෙහෙමයි.අපි ජීවත් වෙන පෘතුවිය තමන් වටේට කැරකෙනවා කියලා අපිට පේන්නේ නෑ.(ඒත් අපි දන්නවා එහෙම වෙනවා කියලා.ඉස්සර මිනිස්සු එහෙම හිතුවෙ නෑ.හුඟක් පුංචි කාලෙ අපි වුනත් හිතුවෙ ඉර තමා අපිට උඩින් පායලා බැහැලා යන්නෙ කියලා.පුංචි කාලෙ නම් අපි හවසට ත්‍රිකුනාමලෙ මුහුදු වෙරලෙ හිටියත් ඉර බහින හැටි බලන්නනෙ දඟලන්නෙ).

ඊළඟට පෘතුවිය සූර්යා වටෙ කැරකෙනවා.සෞරග්‍රහ මණ්ඩලය,මන්දාකිනිය මේ හැම දෙයක්ම මේ වගෙ නොනවතින ගමනක යෙදිලා හිටියත් අපේ පියවි ඇසට ඒක දැනෙන්නෙ නෑ.

ඒ වගෙ පුංචියට හිටපු අපි ලොකු මිනිස්සු වෙලා ,වයසට ගිහින් මැරිලා ගියත් ඒ සිද්ධි දාමය මිසක් කාලය ගතවෙනවා කියන දේ අපිට පේන්නෙ නෑ.

ඉතින් අපිට බැරිද අතීතයට යන්න.එහෙම නම් අපිට ඕන නම් පුලුවන් බුදුන් උපන් කාලයට ගිහින් බණ අහන්න.නැතිනම් ජේසුස් වහන්සෙ දකින්න.තවත් විදියකින් අනාගතයට යන්න පුලුවන්නම් අපිට පුලුවන් 2012 ඇත්තටම ලෝක විනාසයක් වෙනවද කියල බලන්න.තමන්ට වෙන්න තියන හදිසි අනතුරක් වලක්ව ගන්න.

 H G වේල්ස් කියන කතුවරය ලියපු The Time Machine කියන පොතේ කාල තරණය ගැන අදහසක් පල කරලා තියනවා.හැබැයි ඒ කාලය හරහා ගමන් කරන්න පුලුවන් යන්ත්‍රයක් පාවිච්චි කරලා අතීතයට අනාගතයට ගමන් කරන්න.

යන්ත්‍රයක් පාවිච්චි කරලා මේ ගමන යන හැටි ගැන කථා කලොත් අපිට ඒ වගෙ ගමනක් තියා අල්ලපු වැටේ ඉන්න අගහරුටවත් තාම යා ගන්න බැරුවනෙ ඉන්නෙ.ගොඩක් පිට චක්‍රාවාට වලට යාම ගැන කථා කරද්දි විද්‍යාඥයො ආලෝක වර්ෂවලින් තමා දුර කථා කරන්නෙ.ආලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් කෙනෙක්ගෙ වයස යන්නෙ නෑ කියලා කථාවක් ඉස්සර මං අහලා තියනවා. 2001 ආව Planet of the Apes කියන චිත්‍රපටය බලල තියනවනම් මේ ගැන අදහසක් ගන්න පුලුවන්.කාල අන්ත්‍ර හරහා ගමන් කරද්දි අධිල වේගයක් පාවිච්චි කරන නිසා සාපේක්ෂව අනිත් අය එක්ක අපේ ජීවිතේ එක තැන නතර වෙලා තියනව  වගේ අදහසක් තමයි මේ කියන්නෙ.

ඊළඟට අපිට ඇත්තටම ආළෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ එනවා.
අයින්ස්ටයින් කියන මහා භෞතික විද්‍යාඥයා ඉදිරිපත් කරපු ශක්ති සංස්තිති නියමයට (E=MC^2)අනුව  E=MC^2කියන සමීකරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවනම් (හිරොෂිමා,නාගසාකි වලදි නම් වුනා මයෙ හිතේ)

යම් වස්තුවක වේගය ආලෝකයේ වේගයට සමාන වෙද්දී ස්කන්ධය බිංදුවට ගමන් කරනවා.එහෙම වෙලාවක අපි දැනට ලෝකයේ භාවිතා කරන මූල ද්‍රව්‍ය භාවිතා කරලා මේ වගේ යන්ත්‍රයක් හදාගන්න පුලුවන්ද කියන එක ගැටලුවක්.මෙතන  E කියන්නෙ ශක්තිය, Mකියන්නෙ ස්කන්ධය ,C කියන්නෙ ආලෝකයේ වේගය.

තවත් ක්‍රමයක් තියනවා.ඒ ගැන කථාකරන්නෙ භාවනාක්‍රම වලදි.මට හිතෙනවා ව්‍යවහාරික විද්‍යාවට වඩා මෙතනදි බුද්ධාගමේ කථා කරන භාවනා ක්‍රම ඉදිරියෙන් ඉන්නවා කියලා.භාවනා ක්‍රම කියන්නෙ බුද්ධාගමට සීමා වුනු දෙයක් කියලා හිතන එපා.මං කිව්වෙ ලංකාව පැත්තෙන්.

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා නිර්මාණය කරපු අකාල සන්ධ්‍යා කියන නාට්‍යයේ මේ කියන භාවනා ක්‍රම භාවිතා කරලා කුණ්ඩලීනි යෝගය භාවිතයෙන් කාලය හරහා ගමන් කිරීමක් ගැන කියනවා.එතැනදි භෞතික ශරීරය ගමන් කිරීමක් ගැන කථා කලත් ඇත්තටම කුණ්ඩලිනියෙදි වෙන්නෙ මනෝ කාය එහෙමත් නැත්නම් Astral Body එක කාලය හරහා යැවීමක්.

ඊළගට අපි මේ මොන ක්‍රමයෙන්වත් කාල තරණය කරන්න බෑ කියලා තියන තර්ක ගැනත් බලමු.
හිතන්න මගේ හත් මුතු පරම්පරාවෙ (පලවෙනිය කියමුකො) ආච්චි හරිම වසයි.ආච්චිගෙ නපුරුකම් වලට ඹූණ දෙන්න මට කාලය හරහා ගමන් කරලා අතීතයට ගිය වෙලාවක සිධ්ධ වෙනවා.මම ආච්චි විවාහවෙන්න කලින් යුගයට කාලය හරහා ගිහින් ආච්චිව මරලා දානවා.හරි ආච්චි මළා.දැන් ආච්චි විවාහවෙන්නෙවත් ආච්චිට ළමයි හම්බ වෙන්නෙවත් නෑ.එහෙම ළමයි හම්බ වෙන්නෙ නැත්නම් කොහොමද ආච්චිට වඩා අනාගත යුගයක ඉන්න මම බිහිවෙන්නෙ.

ටිකක් පිස්සුයි වගේ නේද?නිකමට ලිව්වෙ.

මේක ලියාගෙන යද්දි මගෙ උසස්පෙල පලමු වර කරද්දි හිටපු යාළුවෙක් මතක් වුනා.අද ඉංජිනේරුවෙක්.හැම දෙයක් ගැනම බරපතල විදියට හිතන හින්දා දෙපාරක්ම විභාගෙ ඇන්නා.මිනිහගෙන් අපිට ඉන්නත් නෑ ඒ දවස්වල.අපි මිනිහට කිව්වෙ "යකෝ අර ඇපල් ගෙඩිය වැ‍ටුනු වෙලාවෙ නිව්ටන් ඔලුව පැලිලා මළා නම් අද උඹ විතරක් නෙවෙයි අපි ඔක්කොම සැනසිල්ලෙ ඉන්නවා" කියලා .ඒ කථාව නම් බොරු මොකද ඒ අපල් ගෙඩිය වැ‍ටුන හින්දා ලෝකෙ ගැන මිනිස්සු හිතාගෙන හිටිය ගොඩක් දේවල් වෙනස් වුන හින්දා.
කුණ්ඩලිණිය ගැන තව කථා කරන්න ඕන වුනත් ලිපිය දිග වැඩි වුනා වගේ. ඒ හින්දා කුණ්ඩලිණිය  ගැන ආයෙ වෙන දවසක කථා කරමු.

16 comments:

  1. විද්‍යාත්මකව හෝ බෞව්තිකව කොහොම බැලුවත් මං නම් හිතන්නේ නැහැ අතීතයට යාම ප්‍රයෝගිකව කල හැකි දෙයක් කියලා.

    ReplyDelete
  2. තර්ක නම් බොහොමයක් තියනවනෙ.කාලයත් එක්කම විස‍ඳෙයි.කවුද හිතුවෙ මෙහෙම බ්ලොග් ලියන්නත්.ස්තූතියි.

    ReplyDelete
  3. අර ආච්චිගේ කතාව කිව්වම මට මතක් උනේ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ "බැක් ටු ද ෆියුචර්" කියන චිත්‍රපට ත්‍රිත්වය. හොඳට හිතලා හදපු සිත් ගන්නා සුළු චිත්‍රපට 3 ක්. බලලා නැත්නම් බලන්නකෝ. ඔය වගේ මොලේ කොලොප්පන් වෙන දේවල් තමයි එකේ තියෙන්නේ....

    ReplyDelete
  4. ස්පිල්බ්ර්ග් හදපු ගොඩක් චිත්‍රපටි මේ වගේ කථා තමයි.බලමු ඒකත් අනාගතයට රවුමක් දාන්න අදහසක් ගන්න පුලුවන්ද කියලා.

    ReplyDelete
  5. kawuda me warna kiyalaa hoyaagenai aawe

    ReplyDelete
  6. ඔයාගෙ නමත් මගෙ නමත් නිසා ටිකක් පැටලෙන ගතියක් තියනවා,ඒ මදිවට වර්ණ කියලා බ්ලොග් එකකුත් යනවා.මොද කරන්නෙ කියලා මාත් හිත හිතා ඉන්නෙ

    ReplyDelete
  7. දැන් කට්ටිය ටැපලෙනවා..... :-)

    සිරාවට යන්න ඇත්නම් අතීතෙට...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. බලමු ආයෙත් වර්ණා මොකද කියන්නෙ කියලා,මම උප්පැන්නෙ වෙනස් කරලා හරි අලුත් නමක් දා ගන්නවා.රජාට නන් ඉතින් බොහොම වාසි වෙයි ගියොත්.

    ReplyDelete
  9. මමත් ආව අළුත් වර්ණ කෙනෙක් හැම තැනම ඉන්නව දැකපු නිසා කවුද බලන්න....

    ලියන්න ලියන්න දිගටම ලියන්න....පාසල් ජීවිතේ සුන්දර මෙන්ම අසුන්දර මතක සටහන් තියෙනවා හැමොටම වර්ණ ඒවගේ කතාවක් මේකත්...

    ආයෙමත් එන්නම්කෝ

    ReplyDelete
  10. මාව ඔයා කලින් දැකලා ඇති ඇනෝ කෙනෙක් විදියට.මම නම් ඔයාව දන්නවා.ස්තූතියි ආවට.ආයෙත් එන්න

    ReplyDelete
  11. //තවත් විදියකින් අනාගතයට යන්න පුලුවන්නම් අපිට පුලුවන් 2012 ඇත්තටම ලෝක විනාසයක් වෙනවද කියල බලන්න.තමන්ට වෙන්න තියන හදිසි අනතුරක් වලක්ව ගන්න.//

    අනාගතයේ සිට ලියමි. 2012 අගදී ලෝක විනාශයක් වූයේ නැත.

    ReplyDelete
  12. Aiye E=mc^2 di wenne skandaya 0 wena eka newai neda skandaya adika lesa wediwena eka.ethakota digatama alokaye wegaya pawathwaganna adika shakthiyak oni wenawa eka.me sami karanaye punchi sidurakin ringala apita wasi peththata allagana thamai paramanu bombaya heduwe.eke alokaye wegaya sambanda wen ne wenne. ketiyen kiwoth asthai wishala paramanuwak kuda sthai paramanu 2 kata wen wena eka ethanadi sidu wena skanda haniya shakthiyak widiyata pitathata nikuth wenawa.e pitawena shakthiyen thawath thawath nyashtiyakata pahara wadina widiyata hadala thiyenne e nisa muladrawy iwara wenakalma me kriyawa siddawela shakthiya nidahas wenawa.kisima widiyakin patangaththama nawathwanna be.pitawenne adika shakthiyak.

    ReplyDelete
  13. Aiye E=mc^2 di wenne skandaya 0 wena eka newai neda skandaya adika lesa wediwena eka.ethakota digatama alokaye wegaya pawathwaganna adika shakthiyak oni wenawa eka.me sami karanaye punchi sidurakin ringala apita wasi peththata allagana thamai paramanu bombaya heduwe.eke alokaye wegaya sambanda wen ne wenne. ketiyen kiwoth asthai wishala paramanuwak kuda sthai paramanu 2 kata wen wena eka ethanadi sidu wena skanda haniya shakthiyak widiyata pitathata nikuth wenawa.e pitawena shakthiyen thawath thawath nyashtiyakata pahara wadina widiyata hadala thiyenne e nisa muladrawy iwara wenakalma me kriyawa siddawela shakthiya nidahas wenawa.kisima widiyakin patangaththama nawathwanna be.pitawenne adika shakthiyak.

    ReplyDelete
  14. Aiye E=mc^2 di wenne skandaya 0 wena eka newai neda skandaya adika lesa wediwena eka.ethakota digatama alokaye wegaya pawathwaganna adika shakthiyak oni wenawa eka.me sami karanaye punchi sidurakin ringala apita wasi peththata allagana thamai paramanu bombaya heduwe.eke alokaye wegaya sambanda wen ne wenne. ketiyen kiwoth asthai wishala paramanuwak kuda sthai paramanu 2 kata wen wena eka ethanadi sidu wena skanda haniya shakthiyak widiyata pitathata nikuth wenawa.e pitawena shakthiyen thawath thawath nyashtiyakata pahara wadina widiyata hadala thiyenne e nisa muladrawy iwara wenakalma me kriyawa siddawela shakthiya nidahas wenawa.kisima widiyakin patangaththama nawathwanna be.pitawenne adika shakthiyak.

    ReplyDelete
  15. Light speed 1ta lan vethdi skandaya 0 ta nemei ananthayatai yanne.

    ReplyDelete
  16. Light speed 1ta lan vethdi skandaya 0 ta nemei ananthayatai yanne.

    ReplyDelete