ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Wednesday, June 6, 2012

පුදපු ගමන්

මම වෙන බ්ලොග් වලට හුඟක් දේවල් ලියලා තිබුනත්,මගේම බ්ලොග් එකකට ලියන පළමුවෙනි ලිපිය.මම හුඟක් ලිව්වෙ කොටස් වෙළඳ පොළ ගැන.ඒ ගැනත් ආයෙ මෙතනදි කථා කරනවා.හැබැයි මම මේක පටන් ගත්තෙ නම් ඒ වගේ එක පැත්තකට සීම වුනු දේවල් විතරක් කථා කරන කොට මටම එපා වෙන හින්දා.අනෙක මම මෙච්චර කල් ඇනෝ කෙනෙක්.අද මම මීට මාසෙකට කලින් ඔය ඇනෝ කථාව අත ඇරලා දැම්මා.
මම සිංහල.ඒ උපන් හැටි.ඒත් මට ජාතිවාදී උණ නෑ.ඕන කෙනෙක් ඕන වෙලාවක කථා කලොත් මට ජාතිය ජම්මෙ වැඩක් නෑ.
මේ දවස් වල මුණු පොත පිරෙන්නම සිංහලයො වැහි වැහැලා.යුද්ධෙ කාලෙ උන් හිටි තැනක් හොයා ගන්න බැරුව හිටි පොරවල් අද මූණු පොතේ යුද්ධ කරනවා.දෙමෙල්ලු මරන්න.මුස්ලිම් අය හම ගහන්න කථා කරනවා.
අපේ ඉඩ කඩම් මුස්ලිම් අය කොල්ල කාලලු.අපේ ගෑනුන් බිලි ගන්නවළු.අපේ උන් ළමයි නොහද ඉන්න අතරෙ උන් ළමයි හදනවලු.
ඇත්ත.ඒත් කවුද ඒ අයට ඉඩම් විකුණන්නෙ.සිංහලයො.කවුද ඒ අය එක්ක යන්නෙ.අපේ සිංහල කෙල්ලො.කවුද ළමයි නොහද ඉන්නෙ.අපේ සිංහලයො.කාගෙද වැ‍රැද්ද?
අපි අපේ වැරදි හදා ගන්නවද?හැමදාම අනුන්ට බැන බැන අපේ වල අපිම කපා ගන්නවද කියල හිතන්න කාලෙ ඇවිත්.මිනිස්සු කවුරුත් එකයි.උපදිද්දි කවුරුවත් තමන් මොන ජාතියෙද කියලා දැනගෙන උපදින්නෙ නෑ.අපිට තව කාලෙකට හඳට එකෙක් යවන්න බැරි උනත්,කාලෙකට මිසයිලයක් හදලා ඇමරිකාවට පස්ස දික් කරන්න බැරි වුනත් එක ජාතියක් විදියට හිතුවොත් අපිට ණය නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදා ගන්න පුලුවන් වෙයි.මේ බ්ලොග් එක මම ලියන්නෙ බලන්න කියලා ආරාධනා කරන්නෙ මනුස්සකමේ සුවඳ අඳුරන හැමොටමයි.අනන්තයට විසිරුණු සිතුවිලි මීට පස්සෙ දිගටම මෙතන ලියවෙයි.ආයෙත් හමුවෙමු.

3 comments:

  1. කවුරුවත් කමෙන්ට් කරල නැතිඋනත්, මට ලියන්න හිතුනා.
    ඇත්ත ඔයා කියන කතාව.එත් උන්ගෙ , අපිට නැති ,උන්ගෙ එවුන් ගැන කැක්කුමක් උන්ට තියෙනව. අපේ එවුන්ට ඒක නැහැ.

    ReplyDelete
  2. සහතික ඇත්ත .අපිම වැරදි කර කර උන්ට බනිනවා.බුකියේ කී බෝඩ් වීරයෝ ගැන නම් කතාකරල වැඩක නැ....

    ReplyDelete
  3. නියමයි,දිගටම කරන්න.හදවතින්ම ජය පතනවා!! !! !!

    ReplyDelete