ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Friday, July 6, 2012

ඇහැ දෙනවද?



මුලින්ම කියන්න ඕන අද ලියන්නෙ කථාවක් නෙවෙයි.හැබැයි මේ ලියන දෙයින් කාට හරි පුංචියට හරි වැඩක් වෙයි කියලා හිතනවා. ඇහැ දෙනවා කිව්වම එක පාරටම මතක් වෙන්නෙ වෙන දෙයක්නෙ. නැහැ.මේ වෙන දෙයක්.

මම යන්න අකමැතිම තැන මොකක්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට එක පාරටම මතක් වෙන්නෙ පිළිකා රෝහල.ඒකට හේතුවකුත් තියනවා.කාලයක් අපි ඉස්කෝලෙන් දානයක් දෙන්න නිතර එහෙ ගියා.එක දවසක් ගිහින් දකින කෙනෙක් ඊළඟ දවසෙ ඉන්න විදිහ දැක්කම හිතට කියා ගන්න බැරි දුකක් දැනෙන්නෙ.වෙලාවකට හිතෙනවා ජීවිතේ කියන්නෙ මේකද කියලා.මිනිස්සු ඉපදිලා ඉගනගෙන ගහ මරාගෙන අන්තිමේ ලෙඩ වෙලා පැත්තකට වෙද්දි ඉන්න ටික කාලෙටනෙ මේ හැමදේම කියලා නොහිතෙනවනම් ඒක පුදුමයක්.

අපි හැමෝම මැරෙනවා.මැරෙන එකත් ලකේට මැරෙන්නනෙ අපි ගොඩ දෙනෙක් හිතන්නෙ.වටින ලීයකින් හදපු පෙට්ටියක්.සෙනඟ කන්දරාවක්.මහා ගුණ කථන මේවා තමයි නොමැරෙනවා කියලා හිතාන ජීවත් වෙන හුඟක් අයගෙ මරණ මංචකයෙ දකින් හීන.අන්තිමේ එක්කො පුච්චලා දානවා.නැත්නම් පණුවො ගහලා දිරන්න වළලලා දානවා.

ඇත්තටම රටට ලෝකෙට වැඩක් කරපු අයට වගේම උපන්නට ජීවත් වෙලා මැරෙන ගොඩක් අයගෙ ඉරණම මේකයි. අපිට බැරිද මැරෙන මොහොතෙ හරි තවත් ජීවත් වෙන මනුස්සයෙක්ට සතුටක් දෙන්න. බලන්න ඒ සතුට විඳින්න වෙර දරන හැටි.


අත පය ,වකුගඩු,ඇස් නැතිව,එහෙම නැත්නම් හානි වෙලා දුක් විඳින අය අපි අතර අනන්තවත් ඉන්නවා.ලෝකය දකින්න වාසනාව නැතුව දුක් විඳින කෙනෙක්ට ලෝකය දකින්න මැරුනම ඔහේ පිච්චිලා යන ,එහෙම නැත්නම් දිරලා යන ඇස් දෙන්න අපිට පුළුවන්.වකුගඩු පටක උනත් එහෙමයි.අපි මොන ආගමක වුනත් අපි ඒ දේ කරන්නෙ තවත් මනුස්සයෙක් නිසානෙ.

සමහරු හිතනවා තමන්ගෙ මිනියට හොඳට ගරු සරු ඇතුව අවසන් කටයුතු නොකලොත් එහෙම නැත්නම් තමන්ගෙ ළඟම නෑයෙක්ගෙ මිනියට හරියට අවමඟුලක් සිදු නොඛලොත් ඒක ලොකු අවනම්බුවක් කියලා.ඒත් ඒ මැරිච්ච සිරුර වෛද්‍ය විද්‍යාලයකට දුන්නොත් කී දෙනෙක්ගෙ ජීවිත බේර ගන්න උදව් වේවිද?

ඒ විතරක් නෙවෙයි තමන්ගෙ ශරීරය තමන් මිය ගියාට පස්සෙත් තව කෙනෙක්ට ජීවත් වෙන්න අත් වැලක් වේවි.

ඒ වගේ උතුම් දෙයක් කරන්න කැමති නම් ඇස් සම්බන්ධව ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය,විද්‍යා මාවත ,කොළඹ 7 ලිපිනයෙන් විස්තර ගන්න පුලුවන්.මෙතන පටක පරිත්‍යාග කරන්නත් අවස්ථාව දීලා තියනවා.
මේ වෙබ් අඩවියෙනුත් විස්තර ගන්න පුළුවන්.

19 comments:

  1. Mage Anagatha Balaporoththu walin 1k As 2 Dan Dena 1th..

    Nice Post Hmm!

    ReplyDelete
    Replies
    1. දැන් පොරොන්දුවට අත්සන් කරන්න පුලුවන්.

      Delete
  2. මගෙත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වුනාට මම කණ්නාඩි දානවනේ.
    ඒක ප්‍රශ්නයක් වේවිද?
    ලේ දෙන්න බෑ බර මදි :(

    ReplyDelete
    Replies
    1. කණ්නාඩි දාන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.ලේ දෙන එක ගැන නම් මාත් හොයන්න ඕන.මොකද පුංචි කාලෙ සමහර ලෙඩ හැදුනම ලේ ගන්නෙ නෑ.

      Delete
  3. හිතන්න ඕන කාරනා ටිකක්..!!

    ReplyDelete
  4. හ්ම්....මම නම් දෙනවා..

    ReplyDelete
  5. ලේ දෙන්නනම් පොඩි අදහසක් තියනවා.......
    අනිත් ඒවා ගැනත් හිතලා බලන්න ඕනා
    කුණු වෙලා යන ශරීරයට වැද වැද ඉදලා පලක් නැ නේ....

    ReplyDelete
  6. මාත් ලියන්න හිතන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මොනවා හිතන්නද? ලියමු ලියමු.

      Delete
  7. ඇස් දන්දෙන එක මගේ ලොකු හීනයක්‌.මම කවදාහරි ඒක කරනවාමයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් කල් නොදා දැන්ම ලියමුකෝ.

      Delete
  8. ඇත්තටම කන්නාඩි දානවනම් මේක කරන්න බැරිද

    ReplyDelete
  9. එහෙම දෙයක් නෑ සයුරි.හොඳම උදාහරණය ජේ.ආර් ජයවර්ධන,සිරිමාවෝ බණ්ඩාරණායක දෙන්නම කණ්නාඩි පාවිච්චි කරපු අය.ඒ දෙන්නම ඇස් දෙක පරිත්‍යාග කළා.

    ReplyDelete
  10. වටිනා පෝස්ට් එකක්.මගෙත් අදහසක් තියනවා ඇස් දන් දෙන්න.අපේ සීයත් දුන්නා..... :)

    ReplyDelete
  11. මම මේ පෝස්‍ට් එක යාලුවන්ට ඊමේල් කරනවා.කමක් නැහැ‍ නේද?

    ReplyDelete